Gossips

යළි ඩෙංගු වැඩිවීමේ අවදානමක්

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ඩෙංගු වසංගතයක් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දිස්ත්‍රික්ක 5 ක පසුගියදා ක්‍රිියාත්මක වූ අතර, එහිදී පරිශ්‍ර 48,791 ක් නිරීක්ෂණය කෙරුණා.
එහිදී මදුරුවන් බෝවීමේ අවදානම් සහිත ස්ථාන 11,148 ක් සහ මදුරු කීටයන් සහිත ස්ථාන 1444 ක් හඳුනාගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඒ අනුව ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.