Gossips

නීතිවිරෝධීව මැණික් ගරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බගවන්තලාව – කැම්පියන් වත්තේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා 28 සහ 35 හැවිරිදි පුද්ගලයින් බවයි පොලීසිය සඳහන් කළේ.
මැණික් ගැරීම සඳහා යොදා ගත් කැණීම් උපකරණ සහ ගැරුම් වට්ටි ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.