Gossips

අධිකරණ තීන්දුවක් අභියස, විශ්වාස භංගයක් විවාද කළ හැකි ද?

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති පෙත්සම අභියාචනාධිකරණය මගින් විභාග කර අවසන් වන තුරු විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ නොහැකි බව මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළා.
අදාළ පෙත්සම ඊයේ (26) විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම ලබන 30 වනදා සහ දෙසැම්බර් 3 යන දිනවල සලකා බැලීමටයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත නොමැති නිසා ඔහුගේ පත්වීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණා.
මෙලෙස පෙත්සමක් අධිකරණයේ සලකා බැලෙන නිසා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගත නොහැකි බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ.