Politics Sri Lanka

හම්බන්තොට විදුහල්පතිනියගේ මරණයේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත යුතුයි

හම්බන්තොට විදුහල්පතිනියගේ මරණයේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත යුතුයි

හම්බන්තොය සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මරණයට පත්වීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත යුතු බව ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.

විදුහල්පතිසේවයට නොගැලපෙන නායකත්ව පුහුණුවක් ලබාදීමට යාමේදී විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත් වී තිබෙන බවත්, මීට පෙරත් මේ ආකාරයේ නායකත්ව පුහුනුවක විදුහල්පතිවරයෙකු මියගොස් තිබෙන බවත් ලංකා ගුරුසේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස සිදු කළ යුතු වන්නේ අදාළ වෘත්තියට ගැළපෙන පුහුණු ලබාදී බවද එහි සඳහන් වේ.

මේ නිසා විදුහල්පතිනියගේ ජීවිතය අහිමිවීමේ වගකීම අධයාපන අමාත්‍යාංශට විසින් බාරගත යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.