Gossips

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කරයි

අද දිනයේ පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළා.
පස්වරු 12 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
පස්වරු 1 ට කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර, එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් පමණක් සභා වාරයට එක්ව සිටිනවා.