Gossips

පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලට කාන්තා ක්‍රිකට් ?

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ඉසව්වක් ඇතුළත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, එංගලන්තයේ පැවති මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක ශූරතා තරගාවලිය නිමාවීමත් සමඟයි.
2022 වසරේ එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහායි මෙලෙස කාන්තා විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ඉසව්වක් ඇතුත් කරන ලෙස අයදුම් කර ඇත්තේ.
එමගින් පොදුරාජ්‍ය මණ්ඩලයේ කාන්තාවන් වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වනු ඇති බව අයි.සී.සී. ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන්ගේ අදහසයි.
මේ අතර, 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිළ ස්කොට්ලන්තය සමඟ එක්දින ජාත්‍යන්තර තරඟ දෙකකට සහභාගි වන බව ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන අතර, ඊට පෙර ලබන වසරේ මැයි 18 වන දා සහ 21 වන දා ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය එක්දින තරඟ දෙකකට සහභාගි වනු ඇති.