Gossips

මිනිස් කාර්ය සාධන බලකායට විෂය භාර අමාත්‍යවරයාගෙන් උපදෙස්

නීතිවිරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් ලබාදී ඇති උසස් තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මිනිස් කාර්ය සාධන බලකායට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ එම කාර්ය සාධන බලකාය සහ අමාත්‍යවරයා අතර, ඊයේ (26) අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට ආධාර, ණය ලබාදීම සම්බන්ධයෙන් මෙන්ම, අනෙකුත් ජාත්‍යන්තර කටයුතුවලදී මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම වැදගත් බවයි.