Gossips

මොටාසා පාර්ලිමේන්තු මැතිවරණ සටනට

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක, වේග පන්දු යවන ක්‍රීඩක මස්රෆී මොටාසා බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා පාලක අවාමි ලීගයෙන් ඔහු මැතිවණය සඳහා තරඟ කරන බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් මස්රෆී මොටාසා සිය නිල ෆේස් බුක් පිටුව ඔස්සේ අදහස් පළකර ඇති අතර ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2019 ලෝක කුසලාන තරඟාවලිය තමන්ගේ අවසන් තරඟාවලිය විය හැකි බවයි.
එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ දේශපාලනයෙන් තොරව සිය රට දියුණු කළ නොහැකි බව තමන් විශ්වාස කරන බවත්, තම රටේ දියුණුව වෙනුවෙන් යමක් කිරීමට තමන්ට දැන් අවස්ථාව එළඹ ඇති බවයි.