Gossips

අඟහරු අභ්‍යන්තරය පිරික්සන රොබෝ ගවේෂකය රතු ග්‍රහයාට ගොඩ බසී

අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තර සංයුතිය පරීක්ෂාවට ලක් කිරීම සඳහා ඇමරිකානු නාසා ආයතනය මගින් උඩු ගුවනට යැවූ මාස් – ඉන්සයිට් රොබෝ ගවේෂකය ඊයේ රතු ග්‍රහයා මත ආරක්ෂිතව පතිත කෙරුණා.
පෘථිවියෙන් පිටත ග්‍රහලෝකයක් මේ ආකාරයෙන් අභ්‍යන්තර පරීක්ෂාවකට ලක් කෙරෙන්නේ ප්‍රථම වතාවටයි.
කැලිෆෝනියාවේ නාසා පාලන මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් මෙම ජයග්‍රහණය සැමරූ අතර නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස‍්‍රයේදී එය සජීවී ලෙස පුළුල් තිරයේ විකාශය කෙරුණා.
ජනපති ට්‍රම්ප් ද දුරකථන ඇමතුමක් ලබාදී නාසා විද්‍යාඥයන්ගේ අඟහරු ගවේෂණ ජයග්‍රණයට සුබ පැතූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.