Gossips

රට ම කතාවූ කැබිනට් සංශෝධනය සිදු වන දිනය

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද දිනයේ සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වනවා.
ඊට අදාල මුලික කටයුතු මේ වන විට අවසන් බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේ.
කැබිනට් සංශෝධනයට අදාල සාකච්ඡා කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඊයේ දිනයේද පවත්වා තිබෙනවා.
මෙවර සිදු වන සංශෝධනයේදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම වෙනස්කම් සිදු වනු ඇති බව සඳහන්.
තරුණ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට වගකීම් පැවරීමක්ද සිදු විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළා.