Gossips

පිපාසය නිසා අහිමි වූ හත් හැවිරිදි දරුවාගේ ජීවිතය

යාපනය, චාවාකච්චේරිය ප්‍රදේශයේ දී වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකු ළිඳකට වැටී ඊයේ (26) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ එම දරුවා සිය වයස අවුරුදු 05ක නැඟණිය සමඟ නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
පානය කිරීම සදහා නිවසේ ජලය නොතිබූ බැවින් ඔහු ළිඳට ගොස් ජලය ලබාගැනීමට උත්සහ කළ අවස්ථාවේ දරුවා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගිය දරුවාගේ පියා මීට මාස හයකට පමණ පෙර ජීවිතක්ෂයට පත්ව ඇති අතර මව එදිනෙදා කුලී වැඩ කරමිනන් දරුවන් රැකබලාගත් බව සඳහන්.
සිද්ධිය සිදුවූ අවස්ථවේද මව ඇයගේ වයස අවුරුදු 15ක පිරිමි දරුවා සමඟ කුලී වැඩ සඳහා ගොස් තිබෙනවා.
සිය 07 හැවිරිදි සහෝදරයා ළිඳට වැටීමෙන් පසු නැඟණිය අසල පිහිටි නිවසක නිවැසියන් දැනුම්වත්කර ඇති අතර ඔවුන් පැමිණ දරුවා ළිඳෙන් ගොඩට ගෙන යාපනය, චාවාකච්චේරිය රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.