Gossips

තෙල් ප්‍රවාහන දුම්රිය රියදුරන්ගේ වර්ජනය ඔඩුදුවයි

ඉන්ධන ප්‍රවාහන කරන දුම්රිය රියදුරන් ඊයේ (26) ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
කොළොන්නාව සහ ඔරුගොඩවත්ත අතර ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් නවතා ප්‍රදේශවාසීන් විසින් ඊයේ (26) රියදුරුට සහ රිය සහයකට පහර දී තිබුණා.
ඊට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.
පහරකෑමෙන් තුවාල ලැබූ රියදුරු සහ රිය සහයක මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
වර්ජනය නිසා මේ වන විට දුම්රියෙන් පිට පළාත්වලට ඉන්ධන බෙදා හැරීම ද අඩපණ වී ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, බලධාරීන් ඊට නිසි විසදුමක් ලබාදෙන තුරු වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.