Gossips

ජනපති පොලිස්පතිගෙන් විශේෂ වාර්තාවක් ඉල්ලයි

ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් අතර සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වුණා.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ, පසුගිය මාස 3 තුළ නිතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙසටයි.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූ මෙම හමුවේදි පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටලුවලට විසඳුම් සඳහා නව කමිටුවක් පත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දි තිබෙනවා.