Gossips

නිවස තුලදීම සැමියාගේ ගෙළ කපා දැමූ බිරිඳ කළ අපරාධය

බිරිඳ විසින් සිය සැමියාගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බදුල්ල කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙක්.
පිහියකින් ගෙළ කපා දැමීමෙන් අනතුරුව සිය නිවස තුළ බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සැකකාරිය සොයා මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර බදුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන්නේ.