Gossips

කථානායකවරයාට එරෙහිව වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ඇති එකම පුද්ගලයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
කොළඹ මහාධිකරණයේ අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩු කටයුත්තකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර, කථානායකවරයා විසින් කූඨ ලේඛන සකස් කර ඇති බවට චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නියෝජිතයින් හෙට දිනයේදී වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, මහමැතිවරණයක් පවත්වන ලෙස සහ කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වුණා.