Gossips

Update : සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ නම් ප්‍රකාශයට පත් කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීම සඳහා පත් කළ සත් පුද්ගල විනිසුරු මඩුල්ල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි ප්‍රධානත්වය දරන්නේ අගවිනිසුරු නලින් පෙරේරායි.
සෙසු සාමාජිකයන් ලෙස බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෲ, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කටයුතු කරනු ඇති.
Update : Monday, November 26, 2018
———————————————-
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීම සඳහා සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.
එහි ප්‍රධානත්වය අගවිනිසුරුවරයා විසින් දරනු ඇති. අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මගින් පෙත්සම් ගොනු කර තිබූ අතර, ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.
ඒ, අදාළ පෙත්සම් විභාග කරන තුරු ලබන දෙසැම්බර් 7 වන දා තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින්. එම පෙත්සම් ලබන දෙසැම්බර් 4,5 සහ 6 දිනවලදී විභාගයට ගැනීමට නියමිතයි.