Gossips

ඉරාන භූ කම්පනයෙන් 700කට තුවාල

බටහිරදිග ඉරානයේ කෙර්මන්ෂා ප්‍රාන්තයේ ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6.4ක භූ කම්පනයෙන් පුද්ගලයන් 716 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, මෙහිදී ජීවිත හානි සිදුව නොමැති අතර, නිවාස රැසකට අලාභ හානි සිදුව තිබෙනවා.
භූ කම්පනයෙන් පසු අතුරු කම්පන රැසක් ද සිදුව ඇති බව සඳහන්.
ඊයේ සිදුවූ භූ කම්පනය යාබද ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට ද දැනී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
2003 වසරේදී ඉරානයේ ඓතිහාසික බාම් නුවර සිදුවූ රික්ටර් පරිමාණ 6.6ක භූ කම්පනයෙන් පුද්ගලයන් 31,000ක් පමණ මිය ගියා.