Gossips

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ලබන මස 3 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම නියෝගය කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
එසේ කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට සහ පොලිස් මූලස්ථානයේ 0112 421 111 ට හෝ 119 වන පොලිස් හදිසි දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකියි.
සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 3 වැනිදායින් ආරම්භ වී ලබන මස 12 වනදායින් අවසන් වනවා.