Gossips

මහ දවාලේ රඹුක්කනදී සිදුවූ රන් අභරණ කොල්ලය

රඹුක්කන නගරයේ පිහිටි රන් අභරණ වෙළඳසැලක සිදුවූ මංකොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 21 වනදා පස්වරුවේ රන් අභරණ මිලදී ගන්නා මුවාවෙන් පුද්ගලයෙකු වෙළඳසැලට පැමිණෙනවා.
අනතුරුව අදාල පුද්ගලයා රුපියල් ලක්ෂ නවයකට අධික වටිනාකමකින් යුත් රන් අභරණ කොල්ල කා පලා යන අතර සැකකරු කොල්ලකෑම සිදුකරන ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා.
එම දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් කොල්ලයට පැමිණි මෝටර් රථය සමඟ ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු පැවසුවේ.
සැකකරුවන් මෙම මංකොල්ලය සඳහා පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර කොල්ල කෑ රන් අභරණවලින් කොටසක් උකස් තබා ඇති බවට හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.