Gossips

පාර්ලිමේන්තු මහජන ගැලරිය හෙටත් විවෘත නොවේ

පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන හෙට දිනයේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබෙනවා.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි.
පසුගිය සඳුදා සහ සිකුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වූ අතර, එදින ද මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි පියවර ගැනුනේ.