Gossips

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් අද පස්වරුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැත්වෙනවා.
එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පස්වරුවේ පැවැත්වෙන බව පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියා.
ඒ සඳහා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට ආරාධනා කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.