Gossips

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දිනපතා ගුවන් ගමන්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් සබඳතා පුළුල් කිරීමට පියවර ගැනෙනවා.
ඒ අනුව මොස්කව් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතියේ දින හතේදීම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා.
රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව, ගුවන් ප්‍රවාහනය කටයුතු සම්බන්ධයෙන් 2012 වසරේදී ගිවිසුමකට එළඹුණු අතර, පසුගිය වසරේදී ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණා.
මොස්කව් සහ කොළඹ අතර දිනපතා ගුවන් සේවා ක්‍රියාත්මක කරනු ඇත්තේ රසීයා ලෙස ක්‍රියාත්මක රුසියානු ජාතික ගුවන් සේවය මගින්.
එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද රුකුලක් ලැබෙනු ඇති බවයි මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.