Gossips

අගමැති මහින්ද දළදා සමිඳුන් වැඳපුදාගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (25) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.
මහනුවර ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රථමයෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.
මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ යන පිරිස එක්ව සිටියා.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.