Gossips

මොණරාගල තරුණියගේ ඝාතනය ජංගම දුරකථනයක සටහන් වෙයි

තරුණියකගේ ගෙල මිරිකා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා සැරිසරමින් පවතිනවා.
මොණරාගල – සුමේධ වැව ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියට මෙම වීඩියෝව සම්බන්ධ බවයි පැවසෙන්නේ.
තරුණියගේ පෙම්වතා විසින් ඇයව බිම දමාගෙන ගෙල මිරිකන ආකාරය ඒ අසල සිටි තවත් පිරිසක් විසින් ජංගම දුරකතනයකින් වීඩියෝ ගතකර තිබෙනවා.
පසුගිය (23) වැනිදා මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ඝාතනයට ලක්වූ තරුණිය 22 හැවිරිදි තැනැත්තියක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණයා අද (25) අධිකරණයට ඉදිරිපත් කළ බවයි මොණරාගල පොලිසිය ප්‍රකාශ කළා.