Gossips

වැටුප් කොමිසමේ වාර්තාව මේ සතියේ ජනපතිට

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව ලබන සතිය තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා.
එහි සභාපති එස්. රනුක්ගේ අප කළ විමසීමකදී කියා සිටියේ ඊට අදාල වාර්තාව මේ වනවිටත් සකස් කර අවසන් බවයි.
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීමට මෙම කොමිසම පසුගිය දා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.