Gossips

වික්ටෝරියා විලේ බෝට්ටුවක් පෙරළී 29 දෙනෙකු මරුට

අප්‍රිකාවේ විශාලතම විල වන වික්ටෝරියා විලේ ගිලුණු යාත්‍රාවක සිටි පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
උගන්ඩා ඉවුරෙන් විලට පිවිසි යාත්‍රාවේ සිටි තවත් 60 දෙනෙකු පමණ දියේ ගිලී ඇති අතර, ඔවුන් මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි උගන්ඩා පොලීසිය ප්‍රකාශ කළේ.
විනෝද සංචාරයක් සඳහා වික්ටෝරියා විලට පිවිස ඇති අතර, යාත්‍රාවේ ධාරිතාව ඉක්මවා මගීන් පටවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
යාත්‍රාව ගිලී ඇත්තේ විල ආශ්‍රිතව අයහපත් කාලගුණයක් පවතිද්දීයි.
වික්ටෝරියා විලේ යාත්‍රා ගිලීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇති අතර, 1996දී එවැනි යාත්‍රාවක් විලේ ගිලීමෙන් පුද්ගලයන් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.