Gossips

පොලිස්පතිගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට තැත් කිරීමේ කුමන්ත්‍රණ සිද්ධියට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද උදෑසන පොලිස්පතිවරයා කැදවා එම ප්‍රකාශය සටහන් කර ගත් බවයි.
තවදුරටත් පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.