Gossips

නැඟණියගේ සෙරෙප්පුව නිසා හුළුඔයට බිළිවූ තරුණිය

බලංගොඩ, ඌවැල්ල ප්‍රදේශයේ හුළුඔයේ ඇති සපත්තු පාලමකින් එතර වීමට ගිය තරැණියක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මියගොස් තිබෙනවා.
ඊයේ (24) පසුවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර සැඩ පහරට හසුව අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර අද (25) පෙරවරුවේ සොයාගත් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මෙලෙස මියගො⁣ස් ඇත්තේ බලංගොඩ, රාස්සගල වතුයායේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියක්.
ඇය සහ තවත් සහොදරියන් දෙදෙනෙකු සමග ඊයේ (24) පස්වරුවෙි ඌවැල්ලප්‍රදේශයේ ඇති වෙළෙඳසැලකට පැමිණ ආපසු හුළුඔයේ ඇති සපත්තු පාලමින් එගොඩ වී නිවසට යන අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
ඔවුන් පාලමෙන් එතෙර වන අවස්ථාවේ තරුණියගේ බාල නැඟණියගේ සෙරෙප්පුවක් සපත්තු පාලමට වැටී ඇති බව සඳහන්.
එම සෙරෙප්පුව ගැනීමට යාමේදී තරුණිය ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.
ඊයේ (24) රාත්‍රිය වන තුරු පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තරුණිය සොයා මෙහෙයුමක් දියත් කළද ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමඟ හුළුඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බැවින් සෝදිසි මෙහෙයුම් වලට බාධා සිදුවුණා.
අතුරුදන් වි සිටි තරැණ සොයා මෙහෙයුමක් දියත්කලත් ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමග හුළුඔයේ ජල මටිටම ඉහල ගොස් තිබු බැවින් ඇය පිලිබඳ තොරතුරුක් අනාවරණය කර ගැනිමට නොහැකි වු බව පොලිසිය පැවැසිය.
අනතුරුවඅද (25) පෙරවරුවේ ප්‍රදේශවාසින් සිදුකළ මෙහෙයුමකදී සපත්තු පාලමට කිලෝමීටරයක් පමණ පහළින් ඌවැල්ල ප්‍රදේශයේ හුළුඔයේ තිබී තරුණිගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.