Gossips

එංගලන්තය 110 යි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන එංගලන්ත පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටියා.
එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 33 කට කඩුලූ 3 ක් බිඳ හෙලීමට සමත්වුණා.
එංගලන්තය මුල් ඉනිම සඳහා ලකුණු 336 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිල ලබාගත්තේ ලකුණු 240 ක් පමණයි. මේ අනුව එංගලන්ත පිල දෙවන ඉනිමේදී කඩුලූ 6 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 206 ක් ඉදිරියෙන් සිටිනවා.