Gossips

පාසල් සිසුවාගේ ඝාතනයට අදාල සාක්ෂියක් මාතර නගරය අසලින් සොයා ගැනේ

මාතර – ඇළවේල්ල පාර, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකාර සිසුන් තිදෙනා පැමිණි යතුරුපැදිය සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
මාතර නගරයට අසන්න ස්ථානයක එය දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ පොලිසිය විසින් යතුරුපැදියේ හිමිකරුගේ අනන්‍යතාවය ද මේ වනවිටත් තහවුරු කරගෙන ඇති බවයි.
මේ වනවිට මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී සිදුකරන බවද වාර්තා වනවා.
ඊයේ (24) පස්වරුවේ මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවුණා.
ඝාතනය සිදුකළ සැකකාර සිසුවා ඇතුළු තුන්දෙනා මේ වනවිට පොලිසිය මඟ හැර සැඟ වී සිටින බව පොලිසිය පවසනවා.
සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
ඊයේ (24) මෙලෙස ඝාතනයට ලක්වුණේ තිහගොඩ – නායිම්බල – මාහේන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙක්.