Gossips

හිංසාකාරී ලෙස ප්‍රවාහනය කළ එල ගවයින් හා මී ගවයින් 09 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනකු අල්ලයි

හම්බන්තොට පොලිසියේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව අද (25) උදෑසන කරන ලද වැටලීමකදී හම්බන්තොට මරේ පාර ප්‍රදේශයේදී නිතිවිරෝධිව හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මී ගවයින් 05 දෙනෙකු සමග කුඩා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හම්බන්තොට ගවඝාතකාගාරය ආසන්නයේදී මෙම වටලිමනා සිදුකර ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් දෙදෙනකු පලාගොස් ඇති අතර පසුව මී ගවයින් සමඟ ලොරි රථය පොලිස් බාරයට ගැනීමට හැකිවී ඇති අතර අද (25) දින ගවයින් සමඟ ලොරි රථය හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේදීද නීති විරෝධිව මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටි එලගව දෙනුන් තිදෙනෙකු හා පැටවකු සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ට හැකි වුණා.
පැටවුන්ගෙන් වෙන්කර මෙම කිරිගව දෙනුන් අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ සිට ගෙන විත් හම්බන්තොට සිප්පි කුලම ප්‍රදේශයේදී ඝාතනයට සුදානම් කර සිටියදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
අදාළ සැකකරුවන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ හා හම්බන්තොට ප්‍රද්ශයේ පදිංචිකරුවන් දෙදෙනකු බවත් ඔවුන්ද අද (25) දින හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි හම්බන්තොට පොලිසිය පැවසුවේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට