Gossips

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එහි කොමසාරිස් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පරිගණක ආශ්‍රයෙන් මෙම විභාගය ජනවාරි මාසය තුළ පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම ඒ සඳහා එන්.වී.කිව් සහතිකයක් ලබාදීමටද බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ රඳවාගැනීමේ දීමනාව ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ එකඟත්වය පළ කර තිබෙනවා.
ඒ පසුගියදා රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එමෙන්ම අත්හිටුවා තිබූ එම වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ වැටුප යළි ලබාදීමටද මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.