Gossips

මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ

ජනතා පරම අයිතිය වන මහජන ඡන්දයක් පවත්වන ලෙස බල කරමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ජනතා පෙත්සමට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් හැටන් බස් නැවතුම්පල අසළදී අද සිදු කෙරුණා.
හැටන් – දික්ඔය නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කර තිබූ මෙම පෙත්සමට හැටන් ප්‍රදේශයේ සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාව විශාල වශනේ අත්සන් තැබූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම රටේ දැන් පවතින දේශපාලන ගැටළුවට විසඳුම වන්නේ කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීම බව ඔවුන් එහිදී කියා සිටියා.
මේ අතර මහ මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් ආරච්චිකට්ටුව නගර මධ්‍යයේ අද පෙරවරුවේ උද්ඝෝෂනයක් පැවැත්වුණා.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුලූ පිරිසක් සහභාගිවී සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.