Gossips

යාපනයෙන් සී ෆෝ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ (ඡායාරූප)

යාපනය – කොයියතෝට්ටම් බස් නැවතුම්පල පිටුපස තිබියදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනය – විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ සොයාගෙන තිබෙනවා.
යාපනය – යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
බස් නැවතුම්පලේ පිටුපස සඟවා තිබියදී මෙලෙස සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් සහ විදුලිමය නොවන ඩෙටනේටර් 10 ක්ද සොයාගෙන ඇති බව සඳහන්.

ඡායාරූප – වන්නි, රොමේෂ් මදුෂංක