Gossips

යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ගල්කිස්ස – කහවිට මාවතේදී යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
24 හැවිරිදි සැකකරු පානදුර – වඳුරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.