Gossips

අයි.සී.සී. විස්සයි විස්ස කාන්තා ලෝක ශූරතාව ඕස්ට්‍රේලියාවට

බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී පැවති විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කාන්තා තරගාවලියේ ශූරතාව හිමිිකරගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල සමත්වුණා.
ඒ, එංගලන්ත කාන්තා පිල කඩුලූ 8 කින් පරාජයට පත් කරමින්.
ඇන්ටිගුවා හි පැවති මෙම තරගයේ එංගලන්ත පිල ලකුණු 105 කට සීමා කිරීමට ඕස්ටේලියානු ක්‍රීඩිකාවන් සමත්වී තිබෙනවා.
ඔවුන් පන්දු වාර 15 යි එක් පන්දුවකදී කඩුලූ 2 ක් දැවී ලකුණු 106 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
මෙලෙස ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල විස්ස යි විස්ස ශූරතාව ජයග්‍රහණය කළේ හතරවන වතාවටයි.
මෙම තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඒ කාණ්ඩයේ මූලික වටයේ තරග 4 කින් ජයග්‍රහණය කළේ එක් තරගයක් පමණයි.
මූලික වටයේදී අපරාජිත වූ බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දීය කණ්ඩායම් අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත කණ්ඩායම් අතින් පරාජය ලැබුවා.