රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා.
හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ සේවා සපයන දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද උදෑසන 7.45 ට පමණ සේවා සපයන දුම්රියක දොඹකරයක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර එය ඊයේ රාත්රී 7 ට පමණ හැටන් දුම්රිය ස්ථානය අසලදී ද එය පීලි පැනීමකට ලක්වුනා.
කෙසේවෙතත් එය ඊයේ රාත්රී 12 පමණ වන විට යළිත් පීලිගත කර තිබුනා.
උඩරට මාර්ගයේ නඩත්තු කටයුතු කිහිපයක් සඳහා මෙම සේවා දුම්රිය කොළඹ සිට තලවකැලේ ප්රදේශයට රැගෙන ගොස් තිබු අතර එම කටයුතු අවසන් කර යළිත් කොළඹ දක්වා ධාවනය වෙමින් තිබෙන අතරතුරදීයි මෙලෙස අවස්ථා දෙකකදී පීලි පැන ඇත්තේ.
අප වාර්තාකරු සඳහන් කළේ මේවන විට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුවන බවයි.