Gossips

මාතර සිසුවා ඝාතනයට හේතුව හෙළිවේ – සැකකරුවන් සොයා තවදුරටත් පරීක්ෂණ

මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවා ඝාතනය කිරීම මීට පෙර ඇතිවු ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ සිසුවාගේ බාල සොහොයුරෙකු සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි මාතර පොලිසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඝාතනය සිදුකළ සැකකාර සිසුවා ඇතුළු තුන් දෙනා මේ වනවිට පොලිසිය මඟ හැර සැඟ වී සිටින බව පොලිසිය පවසනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකයි.
ඊයේ පස්වරුවේ මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවුණා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිහගොඩ – නායිම්බල – මාහේන ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.