Gossips

සයිටම් සිසුන් කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගැනීමට තීරණය වී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණයට එළඹී ඇත්තේ.
නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුනා.
එහිදී තීරණය වී ඇත්තේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මුලික සුදුසුකම් පරීක්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුලත් කර ගැනීම සිදු කිරීමටයි.