යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුළුවීමට ඇති ප්‍රධාන පිවිසුම් මාර්ගයේ පලටුපාන ලේවාය ආසන්නයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජය සතු අක්කර 4 ක පමණ භූමියක යාල වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ හිමිකරුවෙකු විසින් නීති විරෝධීව හෝටලයක් ඉදිකරමින් පවතිනවා.
හිරු සී.අයි.ඒ. මේ පිළිබදව කළ ගවේෂණයේදී හෙළිවුයේ මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් යාල ජීප් රථ හිමියන්ගේ සංගමය, කදිරපුර ජීප් රථ හිමියන්ගේ සංගමය හා ස්වාධීන හෝටල් හිමියන් යන සංගම් එක්ව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාව ලිපියක් මගින් දැනුවත් කර ඇති බවයි.
පසුගිය 07 වනදා අධ්යක්ෂ ජනරාල්වරයාට යොමු කර ඇති මෙම ලිපියේ දක්වා ඇත්තේ සියලුම සෆාරි ජීප් රථ රියදුරන්ගේ නැවතුම් පළක් ලෙස යෝජනා වු මෙම භූමිය එක් පුද්ගලයෙකුට හිමි කරදීම දැඩි අසාධාරණයක් බවයි.
මේ අතරල තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා හම්බන්තොට දිසා වන නිලධාරීවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ අදාල ගොඩනැගිල්ලට විදුලිය ලබාගැනීමට ඉල්ලීමක් ලැබී ඇති බැවින් ඒ සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය අවශ්‍ය බවයි.
එම ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක් බව මෙම ලිපිය මගින් ද තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත්ල ගම්වාසීන් චෝදනා කරන්නේ වසර ගණනාවක් මෙම ප්‍රදේශයේ ජීවත් වන තමන්ට ස්ථිර ඉදිකිරීම් සිදුකිරීමට අවසර නොදෙන පසුබිමක මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් වන නිලධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවයි.