Gossips

තීන්දුව කුමක් වුවත් සූදානම් බව ආණ්ඩුව කියයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද ඕනෑම පියවරකට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේ අද පැවති රැස්වීමකට සහභාගිවෙමින්.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව මැතිවරණයකට ගියහොත් එයට සතුටින් මුහුණ දෙන බවත්, එසේ නොවුවහොත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා නව කථානායකවරයෙකු යටතේ ඉදිරියටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එසේම නව සළකුණකින්, නව පෙරමුණකින් මැතිවරණයකට සූදානම් බවද එහිදී අමාත්‍යවරයා කියා සිටියා.