Gossips

ශ්‍රී ලංකා පළමු ඉනිම 240 කට සීමාවෙයි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
අද තරගය නිමා කරනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටියා.
ඔවුන් පළමු ඉනිමේදී ලකුණු 336 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 240 කට සීමාවුණා.
දිමුත් කරුණාරත්න එහිදී ලකුණු 83 ක් රැස් කළ අතර, ධනංජය ද සිල්වා ලකුණු 73 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ අදිල් රෂීඩ් ලකුණු 49 කට කඩුලූ 5 ක් බිඳ හෙලූවා.