Gossips

කඩාවැටුණු සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අගමැතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්

පසුගිය කාලය තුළ සංචාරක ක්‍ෂේත්‍රයේ සිදුවූ පසුබෑම යථා තත්ත්වයට පත් කර ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන වැදගත් ක්‍ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය නැවත පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සංචාරක කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදියි.
මේ වනවිට සංචාරක ක්‍ෂේත්‍රය තුළ උද්ගත වෙමින් පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය පිළිබඳව ඔවුන් මෙහිදී දීර්ඝ වශයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර තිබෙනවා.
ඒ අනුව සංචාරක කර්මාන්තය පිළිබඳව විදේශිකයන් අතර ආකර්ශනීය බවක් ඇතිවන ආකාරයෙන් ප්‍රචාරක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.