Gossips

ඉන්දියාවේ බස් රථයක් ඇළකට පෙරළී විසිපස් දෙනෙකු මරුට

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මන්ද්‍යා ප්‍රදේශයේදී මගී බස් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව එය ඇළට පෙරළී ඇති අතර, බස් රථය සහ ඇළේ පතුල අතර සිරවූ මගීන් ඉවතට ගැනීම දුෂ්කර වූ බව සඳහන්.
කෙසේ නමුත් අසළ ගොවි බිමක සිටි කම්කරුවන් පිරිසක් මගීන් කිහිපදෙනෙකු මුදාගැනීමට සමත්වුණා.
මියගිය අය අතර ළමයින් පස්දෙනෙකුකද සිටින බව සඳහන්.