Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සී.අයි.ඩීයෙන් කැදවීමක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන අඟහරුවාදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
තරුණයින් 11 දෙනෙකු පැහැර ගත් සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු සිදුකරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙලෙස කැඳවා ඇත්තේ.
ලබන අඟහරුවදා පෙරවරු 10 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ පෙනී සිටින ලෙසට ඔහුට දන්වා තිබෙනවා.
පසුගිය සැත්තැම්බර් 10 වනදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවට කැඳවා තිබුණ ද ඔහු එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙන්.
මීට පෙර අවස්ථා 3 කදී අධිකරණය ඔහුට එරෙහිව නියෝග ද නිකුත් කර තිබු අතර, එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනිමට තරම් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය 02 වනදා නියෝග කළා.
නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා වූ රවීන්ද්‍ර විජේගුණරත්න සිය ධූරයේ වැඩ භාරගනු ලැබුවේ 2015 ජුලි මස 11 වනදායි.
පසුව ඔහු නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2017 අගොස්තු අගෝස්තු 22 වනදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස පත් කෙරුණා.