ලෝක වෙළඳ සංවිධානයේ සිදුකෙරෙන වෙනස්කම්වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහයක් හිමි විය යුතු බව චීනය පවසනවා.
එමෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස තම රටේ ස්ථාවරය සුරැකිය යුතු බව ද චීන නියෝජ්‍ය වාණිජ අමාත්‍ය වෑන් ෂූවෙන් සඳහන් කළා.
ආරක්ෂණවාදී වෙළද ප්‍රතිපත්ති මෙන්ම අපනයන සීමාවන් උල්ලංගණය කිරීම් පිළිබදව ලෝක වෙළද සංවිධානයේ ප්‍රතිසංස්කරණවලදී අවධානය යොමු විය යුතු බව චීනයේ අදහසයි.
චීන නියෝජ්‍ය වාණිජ අමාත්‍යවරයා මෙහිදී චීනය සහ ඇමරිකාව අතර දැනට ක්‍රියාත්මක වෙළද යුද්ධය පිළිබදවයි මෙලෙස අදහස් දක්වා ඇත්තේ.
ලෝක වෙළද සංවිධානයේ සම්මුතීන්ට පරිබාහිරව ට්‍රම්ප් පරිපාලනය විසින් තම රටට එරෙහිව අධික අපනයන බදු පැනවීම පිළිබදව චීනයෙන් එල්ල වන්නේ දැඩි ප්‍රතිචාරයක්.
ඇමරිකාවේ පියවර ගෝලීය ආර්ථිකය දුර්වල කිරීමට හේතුවක් වී ඇති බව චීනය පෙන්වා දෙන තවත් කරුණක්.