Gossips

මහා භූ කම්පනයෙන් නවසීලන්ත දිවයින් ළං වෙයි

2016 වසරේ නොවැම්බර් 14 වන දා නවසීලන්තයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් පසු නවසීලන්ත උතුරු සහ දකුණු දිවයින් දෙක සමීප වී ඇති බව භූ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
ඔවුන් සඳහන් කළේ භූ කම්පනයෙන් එක් නගරයක ක්ෂයවීමක් ද දක්නට ලැබෙන බවයි.
කෙසේ නමුත්, භූ කම්පනය සිදුවූ වහාම මීටර් කිහිපයකින් ළං වූ උතුරු සහ දකුණු දිවයින් දෙක අතර පරතරය ආසන්න වශයෙන් සමීව වී ඇත්තේ සෙන්ටිමීටර් 35කින්.
එමෙන්ම, දකුණු දිවයිනේ නෙල්සන් නගරය මිලිමීටර් 20 කින් ක්ෂය වී තිබෙනවා.
ඉන්දු – ඕස්ට්‍රේලියානු සහ පැසිෆික් භූ කාරක තැටි ගැටෙන පැසිෆික් ගිණි වලල්ලේ පිහිටි නවසීලන්තයේ වාර්ෂිකව භූ කම්පන 15,000ක් පමණ සිදුවනවා.
එහෙත් ඉන් දැනෙන ප්‍රබලතාවකින් යුක්ත වන්නේ 100ත්, 150ත් අතර ප්‍රමාණයක් පමණයි.