Gossips

පාසල් සිසුවියක් කෙළෙසූ බස් කොන්දොස්තර රක්ෂිත බන්ධනාගාරයට

දාහතර හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන දහනව හැවිරිදි තරුණයෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් පසුගිය 21 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සියඹලාණ්ඩුව පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා බස් රථ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන අයෙක් වන අතර පසුගිය අගෝස්තු මාසයේ දිනක සිසුවිය, ඔහුගේ මිතුරෙකුගේ නිවසක් වෙත කැදවාගෙන ගොස් දූෂණය කර ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරක්ෂණ සිදුකරන බවයි සියඹලාණ්ඩුව පොලිසිය සඳහන් කළේ.