Gossips

ඇමති තොණ්ඩමන්ගෙන් වතු හාම්පුතුන්ට චෝදනා

වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප ඉහළ නැංවීම සඳහා බලපෑම් කිරීමට එක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය සියළු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා.
කොළඹ පිහිටි එම කොංග්‍රස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක, අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් කියා සිටියේ ඊට අදාළව ලබන සඳුඳා සිට විරෝධතා මාලාවක් දියත් කරන බවයි.
‘‘පෙරේදා මුදල් අමාත්‍යාංශයයි අපියි, හාම්පුතුන්ගේ සංගමයයි අතර සාකච්ඡාවක් තිබුණා.එහිදීත් හාම්පුතුන් කිව්වේ රුපියල් හයසීයක වැටුපක් විතරයි දෙන්න පුළුවන් කියලා. ලබන සඳුඳා මුදල් අමාත්‍යාංශයයි, හාම්පුතුනුයි අතර තවත් සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවට අපි බලපෑමක් කරන්න ඕනි. ඒ තුළින් යම් විසඳුමකට යන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. වතු කම්කරුවන් පිට තැන්වල ගිහිං උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ, ලබන සඳුඳා තමන්ගේ වතුවල ඉඳන්ම විරෝධය පළ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.ලංකා කම්කරු කොංග්‍රසය හා අනිත් වෘත්තීය සමිති අතර මතභේද තියෙනවා.නමුත් මේ ප්‍රශ්නේදී සියළු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනි. වතු කම්කරුවන්ට රුපියල් දාහක අවම මූලික දෛනික වැටුපක් දෙන්න ඕනි කියන මතයේ අපි ඉන්නේ. පහුගිය කාලේ අත්සන් කරපු ගිවිසුම්වලින් හාම්පුතුන් වතු ජනතාව රැවැට්ටුවා. අපි කියනවා මූලික දෛනික වැටුප රුපියල් දාහක් දෙන්න, වැඩි දීමනා අපිට අවශ්‍ය නෑ.’’