Politics Sri Lanka

ඛනිජ තෙල් සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

ඛනිජ තෙල් සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

කොලොන්නාව තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලුව විසඳීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු නොකළ බැවින් හෙට (22) උදෑසන සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

වැටුප් වැඩි වීමේ ගිවිසුමට අනුව තෙල් සංස්ථා සේවකයන්ට වැටුප් වැඩි කර තිබුණද, තවමත් බෙදාහැරීම ස්ථානවල සිටින සේවකයන්ට වැටුප් වැඩිකර නොමැති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා අවස්ථා ගණනාවකදීම පාලනාධිකාරිය සමග සාකච්ජාවක් පැවූ බවත් එහි අවසන් සාකච්ඡාව අද (21) සවස පැවති බවත් සඳහන් කරන ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ අද පැවති සාකච්ඡාද අසාර්ථක වූ බැවින් වැඩවර්ජන ක්‍රියාමාර්ගය සඳහා අවතීර්ණය වන බවයි.

ඒ අනුව කොලොන්නාව නිමාව හා මුතුරාජවෙල ඇතුළු තෙල් ගබඩා සංකීර්ණවල රට පුරා පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12ක සේවකයන් හෙට උදෑසන සිට සේවයෙන් ඉවත්ව සිටීමට කටයුතු කරන බවද වැඩිදුරටත් ඔහු පැවසීය.